දේශීය පුවත්

අඟහරු ග්‍රහයාගේ ඇති සර්පෙන්ටින් නැමැති පාෂාණයට සමාන ලංකාවෙන් සොයාගත් සර්පෙන්ටිල් පාෂාණයේ නියැදි ලබාගැනීමට ඇමරිකාවේ නාසා ආයතනය සමග කටයුතු කරන රටවල් කිහිපයක සහ ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක භූගර්භ සහ වාග් විද්‍යාඥයන් කණ්ඩායමක් මේ දිනවල සෙවනගල ගිනිගල්පැලැස්සේ පර්යේෂණ කටයුතු වල නිරතව සිටින බව වාර්තා වේ.

ඇමරිකාවේ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනිත් කරුණාතිලක මහතාගේ නායකත්වයෙන් යුතු ඇමරිකාව, ඉන්දියාව, චීනය සහ ලංකාවේ පේරාදෙනිය, ශ්‍රීජයවර්ධනපුර, මොරටුව, සහ කැළණිය විශ්ව විද්‍යාලවල භූගර්භ විෂය සහ වාග් විද්‍යාව සමබන්‍ධයෙන් කටයුතු කරන මහාචාර්ය, ආචාර්ය සහ කථිකාචාර්යවරුන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වෙති. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කණ්ඩායමකුත් ද ඒ අතර සිටී.

අධිසංවේදී උපකරණ භාවිත කරමින් මෙම පර්යේෂණයන් සිදුකරනු ලබන අතර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ ආචාර්ය ප්‍රසන්න ලක්‍ෂිත ධර්මප්‍රිය මහතා පවසන්නේ ලබාගන්නා ගිනිගල් නියැදි ඉදිරි පර්යේෂණ සඳහා නාසා ආයතනය වෙත ගෙන යාම මෙම පර්යේෂණවල අරමුණවී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More