මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.
එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේ දී ආරාධනයක් සිදුකිරීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
එම සාකච්ඡාවලින් අනතුරුව ඔවුන්ගේ විකල්ප අදහස් ඇත්නම් ඒවා පිළිබඳවද සලකා බැලීමට බලාපොරොත්තු වන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වන රාජ්‍ය ඇමැතිවරයා,
“මේකත් එක්ක සම්බන්ධ වෙන සියලුම විශ්‍රාමික අරමුදල්වලට මේ සඳහා සම්බන්ධ වෙන්න ආරාධනාවක් කරන්න. එහිදී අදහස් හුවමාරු කරගන්න, ඔවුන්ගේ දත්ත බෙදාගැනීම තමා විශේෂයෙන්ම කෙරෙන්නේ. ඒ අතරවාරයෙන් පසුව ඔවුන්ට අවස්ථාව සලසා දෙනවා මේ පිළිබඳ අවශ්‍ය තීරණය ගන්න. මේකට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා දේශීය ආදායම් පනත සංශෝධනය කරන්න වෙනවා. ඒ වගේම අපේ විසර්ජන පනත සංශෝධනය කරන්න වෙනවා මේ වැඩවලට සමගාමීව.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...