දැනට පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා මීළඟ පොලිස්පති වරයා තෝරාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් තුනක් නම් කර යවනු ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
පසුගිය සදුදා දිනයේ දී සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේ සේවා දිගු දෙකක් ලබා ගැනීමෙන් අනතුරුවයි.
මීළඟ පොලිස්පති ජේෂ්ඨත්වය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, එල්.එස්.පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, P.P.S.M ධර්මරත්න යන අය පෙරමුණේ සිටී.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ජේෂ්ඨත්වය අනුව නම් තුනක් තෝරා යවනු ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...