දේශීය පුවත්

ඊයේ(01) දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වන විවිධ පාර්ශව පෙන්වා දෙන්නේ බැංකු පද්ධතියට අතපෙවීමෙන් වැළකුනද සේවක අර්ථසාධක අරමුදලට සහ විශ්‍රාමික අරමුදල්වලට මෙමගින් ඇති විය හැකි බලපෑම අති විශාල බවයි.

මේ සම්බන්ධයෙන් ලංකා ලීඩ් විසින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කළ අදහස් විමසීමක දී ඒ මහතා පැවසුවේ මහබැංකුව දෙවරක් කැඩූ, ඩොලර් බිලියන 12.5 ක අන්තර්ජාතික බැඳුම්කර වැඩි පොලියට ලබාගත් තැනැත්තාටම දේශීය ණය ප්‍ර්‍රශස්ථ කිරීම පවරා දෙනු ලැබූ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ඊයේ දේශීය ණය “ප්‍රශස්ථ” කිරීමේ යෝජනා සහ ක්‍රියාත්මක කිරීමේ බලතල පිළිබඳව පාර්ලිමේන්තු විවාදය පැවැත්වුනා. එහිදී සංශෝධිත පනත වැඩි ඡන්දයෙන් සම්මතවුනා. යෝජනා පිළිබඳව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව විවාද වෙන්න ඇති. එහි වැරදි නොමැති බැවින් යහපත් යැයි අප විශ්වාස කරන සමහර මැති ඇමතිවරු හිටපු මැති ඇමතිවරු ඒ සඳහා කැමැත්ත ලබා දුන්නා. බැංකු පද්ධතියට අත නොතියා අර්ථසාධක සහ විශ්‍රාමික අරමුදල් වලින් ණය ප්‍රශස්ථ කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වුනා. එය නිවැරදි බවට 122/62 අනුපාතයට එකඟවුනා. ඒ සමගම ණය ප්‍රශස්ථ කිරීම ලකිසුරු අතිගරු රනිල් වික්‍රමසිංහට පැවරුවා. සාරාංශය එයයි.

රජයට ලොකුම පාඩුව තිබුනෙ තෙල් සහ විදුලි බිලෙන්. ඒ දෙකෙහි මිල “ප්‍රශස්ථ” කිරීමෙන් සැළකිය යුතු ප්‍රගතියක් ආර්ථිකයට ලැබී ලැබුනා. ගම්මන්පිල තෙල් මිල වැඩිකළ අවස්ථාවේ පාර්ලිමේන්තු මංත්‍රි ලාන්සා හා පොහොට්ටුවේ මහ ලේකම් සාගර දෙදෙනා ගම්මන්පිලට එරෙහිව විශාල ව්‍යාපාරයක් ගෙනගියා. ලාන්සා එහිදී මොළ හතේ කතාව කියමින් බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයට කටයුතු කරා. එහෙම කලින්ම තෙල් මිල ප්‍රශස්ථ කිරීම කඩාකප්පල් කරපු ලන්සා ඊයේ පාර්ලිමේන්තුවේ ගොඩහේවලාට බනිමින් විශාල ඝෝෂාවක් කරා. අන්තිමේදී මහබැංකුව දෙවරක් කැඩීමට දායකවුනැයි සැකයට භාජනයවූ, ඩොලර් බිලියන 12.5 ක අන්තර්ජාතික බැඳුම්කර වැඩි පොලියට ලබාගැනීමට ඉඩ සැළසුවයි සැකයට භාජනයවූ තැනැත්තාටම දේශීය ණය ප්‍ර්‍රශස්ථ කිරීම පවරා දෙනු ලැබුව.

වක්කඩේ හකුරු හැංගුවාද එසේත් නැතිනම් නරියට කුකුල්ලු බාරදුන්නාද යන්න ඉදිරියේදී දැක ගත හැකි වේවි.

පැණය එය නොවේ. ගෝඨාගේ කාළයේදී කෑමොර දුන්නේ පාර්ලිමේන්තුවට තව බලය දෙන ලෙසයි. නමුත් මෙහිදී සිදුවූයේ පාර්ලිමේන්තුව විසින්ම තම බලතල කප්පාදු කර ගැනීමයි. එහෙම වෙන්නෙ කොහොමද?”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More