දේශීය පුවත්

කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වලට යන රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටුවල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි හා ඊට අදාළව කළ නිදහසට කරුණු විමසීමේ දී නිලධාරීන් දුන් පිළිතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.

කෝප් සහ කෝපා යන කමිටුවලින් ජනපති ලේකම් සමන් ඒකනායක මහතාට පැමිණිලි ලැබී ඇත්තේ මෙම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් බොහෝදෙනකු ඊට නිසි සූදානමින් නොපැමිණෙන බව කියමිනි.

අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන ලේකම්වරුන් අදාළ ආයතනයවල විගණන කමිටුවට සහභාගි නොවී විගණකාධිපතිගේ දැනුම්දීම් ගැන අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තු කාරක සභා වෙත පැමිණ පිළිතුරු දෙන නිසා කමිටුවල කාලය අපතේ යන බව එහි සභාපතිවරුන් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී තිබේ.

මේ ගැන ජනාධිපති ලේකම්වරයා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් විමසීමේ දී පාර්ලිමේන්තුවට කැඳවා නඩු අසන ලීලාවෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමත් ඒවා පසුව මාධ්‍ය වෙත නිකුත් කිරීමත් නිසා නිලධාරීන් අපහසුතාවට පත් වන බවට ඔවුන් දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More