තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් “මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා අද අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.
එම හස්තියා මෙතෙක් රදවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ එම විශේෂ රථය ඉතා පරිස්සමෙන් , හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට අද දින අලුයම 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.
මුතුරාජා හස්තියා ඔහු වෙනුවෙන්ම සැකසූ විශේෂ කූඩුවකින්, රුසියානු ” ඉලුෂියන් – 76 ” ගුවන් යානයයෙන් අද උදෑසන තායිලන්තයට රැගෙන යාමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...