Uncategorized

පළාත් සභා ඡන්දය

July 21, 2018 6:32 am | Lanka Lead News

තඋතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා තුනේ මැතිවරණ දෙසැම්බර් 23 වැනිදා හෝ ජනවාරි 05 වැනිදා හෝ අනිවාර්යෙන්ම පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ එකඟත්වය පළ කරති. දෙසැම්බර් 25 වැනිදා නත්තල සමඟ උත්සව සමය ආරම්භ වන නිසා 2019 වසරේ ජනවාරි මස 05 වැනිදා බොහෝ දුරට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පසුගිය සිකුරාදා (20දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයටද යන කාරණය පිළිබදවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර අවාසානයේදී තීරණය වී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා මේ ගැන අවසාන තීරණයක් ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තවත් පක්ෂ නායක හමුවක් පැවැත්වීමටය.

නව ඡන්ද ක්‍රමයට මෙම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් සීමානිර්ණය කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය අනුමැතිය ලබාගැනීම කඩිනමින් සිදුකළ හැකි බවත් පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙහිදී පෙන්වා දී ඇත.

එහෙත් අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් හා නියෝජිතයන් දිගින් දිගටම ප්‍රකාශ කර තිබෙන්නේ සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලියට අනුමැතිය ලබාගැනීමේ කාරණය හේතුවෙන් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමිය නොහැකි බවයි.

පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවත් ඒ සඳහා කළ යුත්තේ ඊට සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගැනීම පමණක් නිසා පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික බව පක්ෂ නායකයන් කිහිපදෙනකුම පෙන්වා දී ඇත.

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ක්‍රමය ගැන ලබන බ්‍රහස්පතින්දා යළි තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මහත්වරුන් මෙම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ස්වකීය අවසාන තීරණය කඩිනමින් ප්‍රකාශ කරන්නේ නම්, කවර ක්‍රමයක් යටතේ වුවද මැතිවරණ කඩිනමින් පැවැත්වීම සඳහා උපරිම දායකත්වය ලබාදිය හැකි බවයි. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්පන්දන්, පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, දිනේෂ් ගුණවර්ධන, අනුර කුමාර දිසානායක, ඩග්ලස් දේවානන්දා, අමීර් අලි යන මහත්වරු සහභාගි වූහ. ඊට අමතරව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

-mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More