නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකු වන සංඛ කුසල් මාරසිංහ නම් නිලධාරියාගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට පසුගිය මැයි 12 වනදා අලුයම 4ට පමණ පැමිණි තිදෙනෙකු විසින් ඔහුට පහරදී මරණ තර්ජන සිදුකළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එම තොරතුරු ලබාදී ඇත්තේ තවත් බන්ධනාගාර නියාමකවරයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම තොරුතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වන අතර, පහරදීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් අදාළ නියාමකවරයාට පහරදෙන අයුරු රූපගත කර එය පාතාල කල්ලි සාමාජික “හඳයා” නමැත්තා වෙත යවා ඇති බව ද වාර්තා වේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කරතිබූ අතර, එහිදී ඊට සම්බන්ධ බවට සැක කෙරෙන යුද හමුදා කපිතාන්වරයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු නුවරඑළියේදී අත්අඩංගුවට ගනුලබන්නේ ටී-56 ගිනි අවියක්, බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල 2ක් හා උණ්ඩ 167ක් ද සමගිනි.
අනතුරුව සැකකරුවන් දෙදෙනා රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, හඳයා නම් පාතාල කල්ලි සාමාජිකයාගේ උපදෙස් මත අදාළ පහරදීම සිදුකළ බවය.
පහරකෑමට ලක්වූ බන්ධනාගාර නියාමකවරයාගේ නිවස සොයාගැනීම සඳහා තවත් බන්ධනාගාර නියාමකවරයකු තොරතුරු ලබාදී ඇති බවත් සැකකරුවන් අනාවරණය කර තිබේ.
මෙම පහරදීමෙන් අනතුරුව බන්ධනාගාරයේ උසස් දූෂිත නිලධාරියෙකු විසින් කෙක් ගෙඩියක් ද කපා ඇති බව වාර්තාවෙයි.
ඒ පහරකෑමට ලක්වූ බන්ධනාගාර නියාමකවරයා අවංකව සිය රාජකාරිය ඉටුකරමින් සිටීම හේතුවෙන් ඇතිවූ අමනාපකමක් නිසා බව බන්ධානාගර ආරංචිමාර්ග පවසයි.
පහරකෑමට ලක්වූ බන්ධනාගාර නියාමකවරයා 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළදී හෙරොයින් ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සහ ජංගම දුරකතන 600කට අධික ප්‍රමාණයක් බන්ධනාගාරය තුළ තිබී සොයාගෙන තිබේ.
එමෙන්ම 2018/19 වර්ෂවල බන්ධනාගාරයේ වැඩිම තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් නිලධාරියා වශයෙන් ත්‍යාගද ලබා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...