දේශීය පුවත්

විදේශීය බැංකුවලින් ණය ගෙන දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා යැයි පවසමින් මොකක්දෝ හොර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සිදුකරන්නේ ආධාර ලබාදීමක් නොව සූරා කෑමක් බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ පවසන්නේ නව ලිබරල්වාදී ක්‍රමවේදය තුළින් සිදුවන්නේ රට තවදුරටත් බංකොලොත් වීම පමණක් බවයි.

ඒ පිළිබඳ තවදුරටත් අදහස් දක්වූ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්,

“මේ රටේ තියන සම්පත් සූරා කාලා. මේ රටේ තියන සම්පත්වලින් පෝෂණය කරලා පෝසත් කරන්නේ නැතුව විදේශීය රටවලින් කන බොන හැමදෙයක්ම ලංකාවට ගෙන ආර්ථික ක්‍රමවේදයක් ඇති කරලා කොම්පැණිවල අතරමැදියෝ හම්බකරන මුදල් ප්‍රමාණය කෝටි ගණන්. විදේශීය බැංකුවලින් ණය අරන් දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා කියලා මොකක්දෝ හොර වැඩපිළිවෙලක් යනවා මේ දවස්වල. මොකක්ද මේ ක්‍රමවේදය. මේ රට ඇතුළෙම තියෙන දෙවල් වලින් රට පෝෂණය කරලා මේ ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරන්නට කටයුතු කරන්නේ නැතිව මේ ගොල්ලෝ කරන්නේ විදේශීය රටවල් වලින් ණය අරගෙන කාකා බිබී ඉන්නවා. දැන් ඉන්න නායකයා විශේෂයෙන්ම නිව් ලිබරල්වාදී ආකල්ප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා එයා එක වැළඳගත්තා කියලා. ඒ නිව් රිබරල්වාදී ආර්ථික ක්‍රමය තුළ රට පුලුවන් තරම් දුප්පත් කරන්න තමයි කටයුතු වෙලා තියෙන්නේ. මේ ක්‍රමවේදය තුළ අපි සේරම වහල් ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ උතුරේ රටවල් වල ආර්ථික බලය රඳවාගෙන ඒ ක්‍රමවේදය පමණක් පාවිච්චි කිරීමට ධෛරියමත් කරන සංවිධානයක්. අමෙරිකාය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එකට මුදල් ලබා දීලා තියෙන්නේ. ඒ අය අපිට ආධාර කරනවා නෙමෙයි අපෙන් සූරාකෑමක් තමා කරන්නේ දිගටම. වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ අපිට ණය දෙනවා පමණයි. ඉතින් මේ රට තුළ අපිට ස්වංපෝෂිත ආර්ථිකයක් හොයා ගන්න වෙන්නේ නෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More