කැසිනෝ ව්‍යාපාරික කෝටිපතියන් දෙදෙනකු රුපියල් කෝටි 44 ක බදු මුදලක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
කැසිනෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නකු ඔට්ටු හා සූදු බදු පනත අනුව රුපියල් කෝටි 20ක වාර්ෂික බද්දක් රජයට ගෙවිය යුතු වෙයි.
කැසිනෝ ව්‍යාපාරවලට නියම කෙරුණු රුපියල් කෝටි එකසිය පනස් පහකට වැඩි දඩ මුදල් ප්‍රමාණයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් අය කරගෙන නැතැයිද එහි සඳහන් වේ.
කැසිනෝ ආයතනයකට ඇතුළු වන සෑම පුද්ගලයකු මෙන්ම ඇමරිකානු ඩොලර් 50 ක මුදලක් කැසිනෝ ඇතුළු වීමේ බද්ද ලෙස අයකර ගැනීමට අයවැය මගින් යෝජනා කර ඇතත් මෙම බද්ද අය කර ගැනීමට දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අය කිරීමට අදාළ ආදායම් පරිපාලන කළමනාකරණ කළමනාකරණ තොරතුරු පද්ධති (RAMIS) ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලයට වසර තුනකට වැඩි කාලයක් රුපියල් නව කෝටියක මුදලක් නිසි අවසරයකින් තොරව ගෙවා ඇති බවත්, එම කාර්ය මණ්ඩලය පවත්වා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදී තිබුණේ 2019 වර්ෂයේ නොවැම්බර් 30 වැනිදා දක්වා පමණක් බවත් වාර්තාවේ සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...