දේශීය පුවත්

සැමියා නොමැතිව වසර 45 ක්‌ රැකබලා ගත් තම ආබාධිත දියණියට පොල්ලකින් ගසා මරා දමා පසුව ඇයට ගිනි තැබූ 67 හැවිරිදි වයෝ වෘද්ධ මවක්‌ ගම්පොළ පොලිසිය මගින් 19දා සවස අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ – ඩාටි්‍රවත්ත ප්‍රදේශයේදී සිදු වූ මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ කෝවිල්ලමුල්ලේ ගෙදර මේරි නෝනා නමැති 45 හැවිරිදි ආබාධිත කාන්තාවයි.

මේරි නෝනා මැරීමට සැක පිට ඇගේ මව වන ලෝරි නෝනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ach222මෙම මව හා දියණිය තනිවම මෙම ප්‍රදේශයේ කුඩා නිවසක ජීවත්ව ඇති අතර ලෝරි නෝනා සිය සැමියා නොමැතිව දියණිය සමඟ ජීවත්ව සිට ඇත.

කුඩා කලදී එන්නත් කිරීමකින් පසු මෙම දියණිය ආබාධිත තත්ත්වය පත් වූ බව පවසන ලෝරි නෝනා තම දියණියට දැඩි සෙනෙහසක්‌ දැක්‌වූ බවද පවසන්නීය.

ඒ බව ගම්වාසීන් මෙන්ම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය වන සුජාතා සමන්කුමාරි මහත්මිය ද පොලිසිය වෙත ප්‍රකාශ කළාය.

මෙම දියණිය මරා ඇත්තේ 18 වැනිදා උදැසන බව මව පවසා ඇති අතර පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත්තේ 19 වැනිදාය.

ඇඳේ නිදා සිටි දියණියට උදලු මිටකින් පහර දී ඇති අතර, පසුව බිමට ඇද දමා රෙදි කැබලි ආදිය සිරුරට දමා ගිනි තබා ඇති මුත් සිරුර සම්පූර්ණ පිළිස්‌සී නැත. පසුව 18දා රාත්‍රි දියණියගේ සිරුර බිම දිගා කර දෙපස පහන් දෙකක්‌ ද දල්වා ඇති මෙම මව එදින රාත්‍රි දියණියගේ මළ සිරුර සමග රැය පහන් කර ඇත.

පසුදා ඇගේ නිවසට යාබද වත්තට පැමිණි අයකු මෙම මවට කතා කළ අවස්‌ථාවේ දුව ඊයේ මැරුණා ගමේ කවුරුවත් තාම පැමිණියේ නැතැයි පවසා ඇති අතර එම අය මේ බව ගමේ අයට පැවසීමෙන් පසු ග්‍රාම නිලධාරිනියට ඒ බව දැනුම් දී ඇත. ඇය පැමිණ නිවසේ ඇති සිරුර පරීක්‌ෂා කිරීමේදී පිළිස්‌සුම් තුවාල හා රුධිරය දැක ඒ බව ගම්පොළ පොලිසිය වෙත දන්වා ඇත.

පෙරේදා (19දා) සවස මෙම ස්‌ථානයට ගම්පොළ වැඩ බලන මහෙස්‌ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය පැවැත්විය. ගම්පොළ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස්‌ මත සහකාර පොලිස්‌ අධිකාරි යූ. බී. පළිහවඩන, ගම්පොළ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ආර්. ජයන්ත යන මහත්වරුන් ද මෙම ස්‌ථානයට පැමිණි අතර ගම්පොළ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො. ප. කපිල බණ්‌ඩාර, උ. පො. ජයන්ත, පො. සැ. (7379) ඉලංගකෝන්, පො. කො. (55779) ධම්මික ඇතුළු නිලධාරි කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ පැවැත්වූහ.

ඇගේ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්‌ෂණය ඊයේ (20දා) ගම්පොළ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබිණි.

-Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More