රජයේ සෑම වසරකම ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුව විදුලි ගාස්තුව අද (1) සිට සියයට 14.2කින් අඩුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ගෘහස්ථ අංශයේ ඒකක 0ත් 30ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 65 කින් අඩු කළ බවත් එම කාණ්ඩයේ විදුලි ඒකකයක් රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කරමින් මාසික ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට 150 දක්වා අඩු කළ බවත් එම කොමිසම සඳහන් කරයි.
ඒකක 31 ත් 60 ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 51.5 කින් අඩු කරමින් ඒකක මිල රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ස්ථාවර ගාස්තු රුපියල් 650 සිට රුපියල් 300 දක්වා අඩු කළ බව කී එම කොමිසම ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24.5 කින් ද අඩු කළ බව ද සඳහන් කරයි.
ඒකක 91ත් 120ත් කාණ්ඩයේ ගාස්තුව ඒකක මිල රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කළ බව ද පවසයි.
ආගමික ස්ථානවල ගාස්තුව සියයට 16 ක ගාස්තුව අඩු කළ බව කී එම කොමිසම අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට විදුලි ඒකකයක් රුපියල් 10 බැගින් ලැබෙන බව ද සඳහන්ය.
හෝටල් අංශය සඳහා සියයට 26.3 ක, කර්මාන්ත අංශය සඳහා සියයට 9 ක, වාණිජ ගොඩනැගිලිවල සඳහා සියයට 5 ක සහ රජයේ ගොඩනැගි සඳහා සියයට 1 ක ගාස්තු අඩුවීමක් කළ බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...