ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියැදුරන් සිය රාජකාරී කාලය තුළ නොමනා ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ.
අද දෙරණ නාලිකාව ඔස්සේ මෙම ගවේෂණාත්මක පුවත වාර්තා කර තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියැදුරන්, බීමතින් තම රාජකාරිය පැහැර හරින බවට එහි සේවකයින්ගෙන්ම තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව, ඒ පිළිබඳව සොයාබැලීමේ දී නිල ඇඳුමින් සැරසී සූදානමින් සිටිය යුතු ගිලන්රථ රියැදුරන් තමන්ට රිසි ඇඳුමකින් සැරසී කැරම් ක්‍රීඩා කරමින් සිටින ආකාරය දැක ගැනීමට ලැබී ඇති අතර, මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම රියදුරන් රාත්‍රී කාලයේදී බීමතින් ඉතා කලහකාරී ලෙස රෝහල තුළ හැසිරෙන බවය.
මෙම සිදුවීමේ දී පොලිසිය ද එම ස්ථානයට පැමිණ තිබේ.
මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, ගිලන්රථ රියදුරන්ගේ නිල නිවසට යාබදව රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිල නිවස පිහිටා ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...