දේශීය පුවත්

ප්‍රංශ පොලිසිය කළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙකු මියයාම මත ඇති වූ කැරලි කෝලාහල දින තුනක් තිස්සේ පවතින බව ප්‍රංශයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි. මේ වන විට 400 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් එරට ප්‍රවෘත්ති සේවා වාර්තා කර සිටී.

අද උදෑසන නිකුත් වූ නවතා වාර්තාවලට අනුව පැරිස් නගරය ආශ්‍රිතව පුද්ගලයන් 242 ක් ඇතුළුව 42 දෙනෙකු ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. මේ අතර Le Figaro පුවත්පත පවසන්නේ බොහෝ රැඳවියන් වයස අවුරුදු 14 ත් 18 ත් අතර වයස්වල පසුවන බව යි.

“අත්අඩංගුවට ගැනීම් වල ඇති වාර්තාගත ඉහළ යාම මගින් පිළිබිඹු වන්නේ අමාත්‍යවරයා ශිෂ්‍ය නායකයින්ට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නිකුත් කරන ලද ස්ථිර නියෝග” යැයි මූලාශ්‍රයක් උපුටා දක්වමින් Le Figaro පුවත්පත පවසයි.

පැරිසියේ බටහිර තදාසන්න ප්‍රදේශයක් වන Nanterre හි අඟහරුවාදා සවස පුපුරා ගිය ප්‍රචණ්ඩ විරෝධතා සහ කෝලාහල මැඩපැවැත්වීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් 5,000 ක් මෙන්ම දැඩි ලෙස සන්නද්ධ උපායික ඒකක සහ සන්නද්ධ වාහන යෙදවීමෙන් පසුව මෙලෙස පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම කර ඇත.
පැරිස් පොලිස් ප්‍රාන්තය උපුටා දක්වමින් Nanterre හි පමණක් “කළහකාරින්” 1,000ක් ඇතුළුව 6,200ක් පමණ සහභාගී වූ බව BFM TV රූපවාහිනී සේවය වාර්තා කළේය.

Nahel M ලෙස හඳුනාගෙන ඇති 17 හැවිරිදි තරුණයෙකු විරෝධතා අතර තුර රථවාහන වලට බාධා කිරීම් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු විසින් මරා දැමීමෙන් පසු ජනතාව  කෝපයට පත් වී පාරට බැස්සහ. සාමකාමී පෙළපාලි ක්ෂණිකව ප්‍රචණ්ඩ කෝලාහල දක්වා පැතිර ගිය අතර, කැරලිකරුවන් මෝටර් රථ පුළුස්සා දැමීම, රතිඤ්ඤා වැනි ගිණි කෙලි භාන්ඩ සහ පෙට්‍රොල් බෝම්බ පොලිස් ස්ථාන වෙත වෙත විසි කිරීම ආදී ක්‍රියා වල නිරතවිය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තරුණයාට වෙඩි තැබීම හෙළා දකින අතර වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියාට මිනීමැරුම් චෝදනා එල්ල කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More