අවසරයකින් තොරව සිංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජීවී හා අජීවී සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සහ කළ ඉරාන ජාතිකයන් තිදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයකු නෙළුව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පෙරේදා (ජූනි 28) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ව උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 5 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ ඇත.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉරාන ජාතිකයන් තිදෙනකු සහ කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෙම ඉරාන ජාතිකයන් තිදෙනා ඊයේ (ජූනි 29) අලුයම පිටත් වන ගුවන් යානයකින් ඉරානය බලා යාම සඳහා සූදානමින් සිට ඇති අතර ඔවුන් විසින් එකතු කර ගන්නා ලද ශාක හා සත්ත්ව කොටස් ද රැගෙන අලුයම රටින් පිටවීමේ සැලසුමක සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ දෑ අතර මියගිය උභය ජීවීන්, ගෙම්බන් හා සර්පයන් ද, වෙනත් කෘමි සතුන් වර්ග, හතු වර්ග හා ශාක කොටස් රාශියක් ද තිබී ඇති අතර සතුන් ඇල්ලීමට ගන්නා විවිධ ප්‍රමාණයන්හි අතංගු, විදුලි පන්දම්, කාච වර්ග හා පාරජම්බුල කිරණ සහිත ලාම්පුද තිබී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...