ගුවන් නියමුවන් අසූදෙනකු පමණ අස්වී විදෙස්ගත වීමට පටන්ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කටයුතු පවත්වාගෙන යෑම අර්බුදයකට ගොස් ඇති බව වාර්තා වේ.
ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගයන් නිසා ඉකුත් දිනවලදී දෛනිකව ගුවන් ගමන් වාර පහක් පමණ අවලංගු කිරීමට සිදුවී තිබිණි.
මේ අතර කොරියාව බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර අවලංගු වීම නිසා එරට රැකියාවලට යෑමට සිටි ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසකට නියමිත දිනයේ එරටට යෑමට නොහැකි විය.
මේ වනවිට ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් හා ගුවන් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අස්වී විදෙස් රටවල ගුවන් සමාගම්වල සේවයට යෑම වේගවත් වී තිබෙන අතර දැනටමත් සමාගමේ සිටි ගුවන් නියමුවන් හා ප්‍රවීණයන් පනහකට ආසන්න පිරිසක් විදෙස්ගතවී ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව සමාගමේ සිටිය යුතු ගුවන් නියමුවන් තුන්සිය තිහෙන් මේ වනවිට සිටින්නේ දෙසිය පනහක් පමණක් බවත්, පුද්ගල ආදායම් බද්ද හා අනෙකුත් පහසුකම් සම්බන්ධ ප්‍රශ්න මුල්කරගෙන මෙම පිරිස් විදේශගත වන බවත් සඳහන් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...