පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇතැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
නීතිපති උපදෙස් ලැබුණු පසු පළාත් පාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට දැනුම් දෙන බවත්, පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන්නැයි ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් ද ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ නීති අංශය මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බවද, නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවද අමාත්‍යවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...