පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ ඊයේ(29) පස්වරුවේ රැස් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විසින් මෙම තීන්දුව ගත් බවයි.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් එම පක්ෂය තුළ උණුසුම් වාද විවාද ඇතිව තිබෙන බව වාර්තා වේ.
පක්ෂයේ ඇතැමුන් සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ මෙම යෝජනාවට විරුද්ද නොවිය යුතු බවයි.
මේ අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත බැංකු පද්ධතියට සහ රක්ෂණ ආයතනවලට අදාළ නොවන බව පෙනී යන්නේ යැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
නමුත් සංවර්ධන බැඳුම්කර හා ජාත්‍යන්තර බැඳුම්කර හරහා බැංකුවලට යම් බලපෑමක් වනු ඇති බව සිතිය හැකි බවද ඒ මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...