හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථය මුන්දලම මංගල එළිය ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකු රෝහල් ගතකර ඇතැයි මුන්දලම පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලද මන්ත්‍රීවරිය හලාවත මූලික රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මන්ත්‍රීවරිය යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම මංගල එළිය ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ගසක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර වන අවස්ථාවේදී වෑන් රථය තුළ මන්ත්‍රීවරිය සමග මෙහෙකාරිය තවත් පුද්ගලයකු සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අනතුරින් වෑන් රථයට බරපතළ අලාභ සිදු වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...