ජාතික සංවිධාන එකමුතුව විසින් අද (29) අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් හා අනුනායක හිමිවරුන් මුණගැසී උතුරු- නැගෙනහිර සිදුවන පුරාවස්තු සංහාරය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීම සිදුකරන ලදී. එහිදී මෙම විනාශය පිළිබඳව විමර්ශනය කළ කොමිසමේ කොමිෂන් සභා වර්තාව ද මහ නායක හිමියන් වෙත පිරිනැමීම සිදු විය.
ඉන් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ මෙම කොමිෂන් සභා වර්තාව තුළ මෙම පුරාවස්තු සංහාරය සිදුකරන්නේ කවුද?, මෙය විසඳන්නේ කෙසේ ද? යන්න ගැන නිර්දේශ 12ක් ඉදිරිපත් කර ඇති බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“දෙමළ ජාතික සංවිධානයට ඕනවෙලා තියෙන්නේ පොඩි පොඩි කෑලිවල එල්ලීගෙන රණ්ඩුවෙවී ඉන්න. ඔවුන් කොහේහරි සිද්ධස්ථානයක් කඩනවා. එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා, ඒකට උසාවි යනවා, ප්‍රශ්නය ගැන කතා කරනවා,. හැබැයි මහා ප්‍රශ්නය සාකච්ඡාවට ලක්වෙන්නේ නැහැ. මහා ප්‍රශ්නය, බෙදුම්වාදී න්‍යාය පත්‍රය එක්ක ඉස්සරහට යනවා. 13 බලාත්මක කරනවා, ඊළඟට පළාත් පුරාවිද්‍යා ප්‍රඥප්තිය එනවා. ඒක ගෙනාවහම මේ දුර්වල ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වෙන පනතේ බලතල ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඉඩම් මංකොල්ලයකුත් මේක ඇතුළ තියෙනවා.
මහවැලි පනත අහෝසි කරලා මහවැලි ඉඩම් ප්‍රාදේශීය ලේකම්ට පවරන්න හදනවා. මේ පුරාවිද්‍යා සිද්ධස්ථාන කොල්ලය ඇතුළේ කෙරෙන්නේ බෞද්ධ උරුමය අහෝසිකරන එක විතරක් නෙවෙයි. මහා ඉඩම් කොල්ලයකුත් සිදු වෙනවා. මේක සමස්ථ බෙදුම්වාදී න්‍යායපත්‍රය ඇතුළේ තියෙන දෙයක්.
මේ වෙනකොට කාර්ය සාධක බලකාය සොයාගෙන තියෙනවා යුද්දෙන් පස්සෙ පමණක් පුරාවිද්‍යා ස්ථාන 1000කට ආසන්න ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා කියලා”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...