දේශීය පුවත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එම තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් බැංකු 50%ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමින් බව පැවසේ.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව 2024 දක්වා වූ ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 12.4% වන ලෙසත් 2026 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 7.5% වන ලෙසත් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 5%ක් වන ලෙසත් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.

ඔහු මේ බව පවසා ඇත්තේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (29) පැවැති සාකච්ඡාවේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More