ජාතික සංවිධාන එකමුතුව විසින් අද(29) දින උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණය කිරීමට බාධා පැමිණවීම පිළිබඳව වන කොමිෂන් සභා වාර්තාව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක ස්වාමීන් වහන්සේලා වෙත පිරිනමනු ලැබීය.
හෑගොඩ විපස්සි හිමියන් ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයන් විසින් මෙම කොමිෂන් සභා වර්තාව මහා විහාර වාංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේට හා ආණමඩුවේ ධම්මදස්සී අනුනායක මාහිමිපාණන් වහන්සේට වෙත පිරිනැමීම සිදු විය.
එම අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම, හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, වෛද්‍ය ගාමිණී, නිතිඥ සේනානායක, නිතිඥ මධුමාලි අල්විස්, බ්‍රිගේඩියර් අතුල ද සිල්වා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මෙහිදී ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයන් මහ නායක හිමියන් දැනුවත් කරමින් ප්‍රකාශ කළේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයන් සතුටු කිරීම සඳහා උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ මෙහෙයුමට එක්ව සිටින බවයි.
ජනාධිපතිවරයා විසින් පසුගිය කාලයේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් නිකුත් කළ මතභේදාත්මක ප්‍රකාශ හා 1985 ඉඩම් සිතියමට අනුව පුරාවිද්‍යා ස්ථාන තීරණය කරන්නැයි කළ නියෝගය අතිශය භයානක බව ද ඔවුහු මෙහිදී අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන්ට පෙන්වා දෙන ලදී.
එහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක ස්වාමීන් වහන්සේලා පවසා සිටියේ මෙම සිදුවෙමින් පවතින ක්‍රියාවලි පිළිබඳව මේ වන විට උන්වහන්සේලා අවබෝධ කොටගෙන සිටින බවයි.
මෙම අවස්ථාවට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශය පිළිබඳව කරුණු ඇතුළත් කොමිෂන් සභා වාර්තාව මහනායක හිමියන් වෙත පිරිනැමූ බවත්, මෙම විනාශය වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මෙම කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බවත් ය.
දෙමළ සන්ධානයට අවශ්‍ය වී ඇත්තේ පුරාවිද්‍යා සිද්ධස්ථාන කොල්ල කෑම තුළින් බෞද්ධ උරුමය අවසන් කිරීම පමණක් නොව බවද, මෙම ක්‍රියාවලිය තුළ උතුරු නැගෙනහිර දැවැන්ත ඉඩම් කොල්ලයක් ද සිදුවන බවද, මෙම සියලු ක්‍රියා මගින් ඔවුන් දෙමළ ඊළමට පාර කපා ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේ ය.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...