දේශීය පුවත්

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂාන් කුමාර මහතා පවසන්නේ උග්‍ර රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් දිවයින පුරා පිහිටි රසායනාගාර මගින් පරීක්ෂාව සඳහා ආහාර සාම්පල භාර ගැනීම සීමාකර තිබීම හේතුවෙන් ජනතාව දිනපතා පරිභෝජනය කරන ආහාරවල ප්‍රමිතිය සුරැකීම අසීරු වී ඇති බවයි.

කළුතර පිහිටි ආහාර සාම්පල පරීක්ෂා කිරීමේ රසායනාගාරය බැක්ටීරියා පරීක්ෂාව සඳහා බත් ඇතුළු ඝන ආහාර වර්ග භාර ගැනීම නතර කර තිබීම මෙයට හොඳම නිදසුන බව ද ඔහු පවසයි.

දිවයින පුරා විසිරී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් දෙනා විසින් මසකට පරීක්ෂාව සඳහා ආහාර සාම්පල 5000ක් පමණ රසායනාගාර වෙත භාර දිය යුතු වුවද පවතින රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් දැනට, පරීක්ෂාව සඳහා රසායනාගාර වෙත ලබාදෙන ආහාර සාම්පල සංඛ්‍යාව 4000 ටත් වඩා අඩු කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කරයි.

– දිවයින –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More