දේශීය පුවත්

විසුරුවා ඇති පළාත් පාලන ආයතනවල සභිකයන් නැවත පත්කිරීමට උත්සාහ කළහොත් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත්, මෙය ක්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු, පළාත් සභා වැනි මැතිවරණවලටත් එය කළ හැකිය යන පුර්වාදර්ශයක් ඇති විය හැකි බවත් හෙතෙම කීය.

සභිකයන් පත්කිරිම සිදුවුවහොත් එම සභිකයන් අතර සභාපති, නගරාධිපති ඇතුළු ධුරයන් ද පත්වන බවත්, එය මහජන නියෝජනයක් නොමැතිව දේශපාලන අවශ්‍යතා අනුව සිදුවිය හැකි බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.

ප්‍රාදේශීය සභා මැතිවරණය නොපවත්වා ප්‍රජාතන්ත්‍රවාදයට යම් බලපෑමක් සිදුකර ඇති අවස්ථාවක, විසුරුවා ඇති පළාත් පාලන ආයතනවලට හිටපු සභිකයන් පත්කිරීමට උත්සාහ කිරීම, ප්‍රජාතන්ත්‍රවාදයට තවත් අතුල්පහරක් බවත් ඒ මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More