දේශීය පුවත්

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

2023-06-27 දිනැතිව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් පාළාත් පාලන ආයතනයන්හී දීර්ඝ කරන ලද කාලය ඉක්මවා ඇති අවස්ථාවකදීල තවත් යම් කාල සීමාවක් සඳහා එම පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය බාර ඇමතිවරයාට බලය හිමිවේ.

ඒ අනුව විසුරව හැර ඈති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට හැකියාව ලැබෙනා අතර, පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇතිවී ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකිවුවහොත් ක්‍රියාත්මක කළ හැකි පරිදි ගැසට් නිවේදනය මගින් පළාත් පාළන ආයතන යළි කැඳවීමේ බලය අමාත්‍යවරයාට ලබාදී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More