බුදුන් වහන්වසේ දේශනා කළ උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රියාවලියකට අනුව කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කර තිබේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායන මහතා ප්‍රධානත්වයෙන් එම කාර්යාලය විවෘත කෙරුණු අතර, විදේශ රටවල ස්ථාපිත ශ්‍රී ලාංකේය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථාන හෝ විහාරස්ථාන, දහම් පාසල් ආදී වෙනත් බෞද්ධ ආයතන, ජාත්‍යන්තර ධර්මදූත කටයුතු සඳහා විදේශගත වන භික්ෂුන් වහන්සේලා, සිල් මෑණියන් වහන්සේලා යන දෙවැදෑරුම් අංශ සම්බන්ධ (සම්බන්ධීකරණය, නියාමනය සහ මාර්ගෝපදේශනය) කිරීම මෙම කාර්යාලය මාර්ගයෙන් සිදුකිරීමට නියමිතය.
බෞද්ධ සහ බෞද්ධ නොවන රටවලට ද ඉදිරියේදී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම මෙම ආයතනයෙන් ඉටුකිරීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...