දේශීය පුවත්

වඩුන්නාගල (වඩ්ඩමාන පර්වත) රජ මහා විහාරයේ පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් පැවරු මූලික අයිතිවාසිකම් පෙත්සම වන SCFR 133/23 නඩුව අද දින (28) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය.

බුවනෙක අළුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු හා මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ පාර්ශව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නවාවි මහතා හා වගඋත්තරකරුවන් කිහිප දෙනෙක් වෙනුවෙන් ඉදිරිපත්වූ ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් මහතා පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර ඉල්ලා සිටිය හ.

ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව සලකා බලා විරෝධතා ඇති නම් අද දින සිට සති හයක් ඇතුළත ගොනු කරන ලෙසත්, ඊට ප්‍රතිවිරුද්ධ විරෝධතා ඇති නම්, විරෝධතා ගොනු කළ දින සිට දින තුනක් ඇතුළත කරන ලෙසත්, පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට නඩුව ඔක්තෝබර් මස 30 වන දා නැවත කැදවීමට නියෝග කරන ලදී.

මෙහිදී නවාවි මහතා ගරු ශේෂ්ඨාධිකරණය දැනුවත් කරමින් පවසා සිටියේ ඉහත විනාශය සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පහක් දැනට පවත්වාගෙන යන බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ උශානි අතපත්තු, ධනුෂි කළුපහන සමග නීතිඥ දර්ශන වේරදුවගේ ඉදිරිපත් පෙනීසිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More