අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදන (v.o.p) නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතීක සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.
මේ අතර පුහුණුවීම් සහ වෙනත් අවශ්‍යතා සදහා විදේශයන්ට ගොස් නැවත සේවයට වාර්තා නොකළ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනකු අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව පැවසූ අධ්‍යක්ෂවරයා විදේශ පුහුණුවෙන් පසු මාණ්ඩලික සහතිකය ලබා විශේෂඥ වෛද්‍යවරයකු බවට මෑතදී පත්වුණු 250 දෙනකුගෙන් 50 දෙනකු රැකියා සඳහා විදේශ ගතව ඇතැයිද සදහන් කළේය.
මෙසේ විදේශ ගතවන අය බැඳුම්කරය ගෙවා යා යුතු බවත් නොදන්වා ගියපු අයගෙන් බැඳුම්කරය අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවත් ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.
මෙසේ විදේශගතවූ වෛද්‍යවරුන්ට නැවත පැමිණීමට ලිපියක් නිකුත් කරන බවත් එම ලිපිය නිකුත් කර මාසයකදී නොපැමිණියහොත් සේවය අතහැර යෑමේ නියෝගය නිකුත් කරන බවත් ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...