දේශීය පුවත්

රුපියල් කෝටි 11කට ආසන්න වටිනාකමින් යුත් රත්‍රන් කිලෝග්‍රෑම් 5.650ක් සමග මගීන් 5 දෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් ඊයේ (ජූනි 27) අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පිටත් වීමේ පර්යන්තයේ සිදු කළ හදිසි සෝදිසි කිරීමකට පසුව මේ මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් පිරිසක් වන මෙම සැකකරුවන් 6E1176 ඉන්ඩිගෝ ගුවන් සේවයෙන් ඉන්දියාව චෙන්නායි බලා පිටත්ව යාමට සූදානම්ව සිටින අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් ගමනට සූදානම්ව සිටි මෙම මගීන් ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි දියර ආකාරයෙන් සකස් කළ රත්‍රන් කරල් 15ක් සොයා ගත් බවත් එහි සම්පූර්ණ බර ග්‍රෑම් 5650ක් මෙන් ම, ඇස්තමේන්තුගත වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 107ක් බවත් ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More