චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා Air China ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා ගුවන් ගමන් වාර 3ක් සහ කටුනායක සිට චීනයේ සිචුආන් දක්වා ගුවන් ගමන් වාර 3ක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව චීනයේ සිචුආන් සිට ගමන් අරඹන Air China CA 425දරණ ගුවන් යානය සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 08.55ට කටුනායකට ළඟාවීමට නියමිතය.
එසේම කටුනායක සිට ගමන් අරඹන Air China CA 426 දරණ ගුවන් යානය සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 10.15ට චීනයේ සිචුආන් වෙත ළඟාවීමට නියමිත බවත් වාර්තා වේ.
කටුනායක ගුවන්තොටුපොළ පවසන්නේ එම ගුවන් ගමන් එළඹෙන ජුලි මස 03 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...