ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 41.5කින් වසර පහකදී කාලයකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදීය.
ඒ අනුව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව පවසන ජනාධිපතිවරයා, එමගින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල ගෙවා ඇති විශ්‍රාමික අරමුදල් ප්‍රතිලාභ අනුපාතිකය ඇතුළු කිසිදු විශ්‍රාමික අරමුදල්වල සාමාජික ශේෂයට බලපාන්නේ නැති බව ද සඳහන් කරයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බැංකු පද්ධතියේ තැන්පතුවලට බලපාන්නේ නැති බවත් දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා කිසිදු පොලියකට බලපෑමක් නොවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...