දේශීය පුවත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව රට තුළ පැන නැගී ඇති ආන්දෝලනය පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත කොන්දේසියක් පනවා නැහැ. එම කොන්දේසිවලට අයත් වන්නේ සෑම ණය හිමියකුටම සමානව සලකන ආකාරයට විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණයි. දේශීය ණය පිළිබඳව සඳහන් වන්නේ ආණ්ඩුව ඒ පිලිබඳව අධ්‍යයනය කර විසඳුම් ඉදිරිපත් කරන බව පමණයි. 

නමුත් පැරිස් සමුළුවේ දී ඊට අදාළ සාකච්ඡාවක් සිදුවුවද කොන්දේසියක් පනවා නැහැ. ඒ අනුව දවස් 5ක් බැංකු වසා දමා තමා කරන්නේ කුමක්දැයි මහජනයාට විවෘතව ප්‍රකාශ නොකර ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අදාළව පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීම සමාන කළ හැක්කේ ගණන් නොදැමූ චෙක් පතකට පාර්ලිමේන්තුවේ මුද්‍රාව තබාගැනීම හා සමාන දෙයකටයි. 

ජාතික සංවිධානවල විග්‍රහය අනුව ආණ්ඩුව හදන්නේ පාර්ලිමේන්තුවේ නිශ්චිත යෝජනාවකට අවසර ලබාගැනීමෙන් තොරව කාලය දිගු කිරීම, ණය කපා හැරීම, පොලිය කපා හැරීම යන තීන්දු ත්‍රිත්වය හිතුමතයට ක්‍රියාත්මක කිරීමටයි. ඒ මගින් බැංකු පද්ධතිය අර්බුදයට ලක්වූ විට ප්‍රාග්ධනය වර්ධනය කිරීමේ මුවාවෙන් විදේශීය බැංකුවලට රාජ්‍ය බැංකුවල කොටස් විකිණීමට අවස්ථාව නිර්මාණය වෙනවා. මහජනයා තම තැන්පතු ආරක්ෂාකර ගැනීම සඳහා එම දුෂ්ඨ ක්‍රියාවට එකඟතාවය පළ කරනු ඇතැයි ආණ්ඩුව හිතනවා. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම දුෂ්ඨ කුමන්ත්‍රණයට දායක වුවහොත් ඔවුන්ට ඉතිහාසයෙන් සමාවක් ලැබෙන්නේ නැහැ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More