දේශීය පුවත්

මාඋස්සාකැලේ ජලාශයට යාබද ව පිහිටි ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් යෙදවීමෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකර ඉදිකර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාඋස්සාකැලේ ජලාශයට යාබද ව පිහිටි ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ ආයතන වල එකඟතාවය ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගු කාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More