රජය විසින් හඳුන්වා දී ඇති අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවලට මැදිහත් වන ලෙසත්, ගැටලුව තවත් දුරදිග ගියහොත් ඉදිරි මැතිවරණ වලදී ද පක්ෂයේ අනාගතයට විශාල බලපෑමක් ඇතිවිය හැකි බවත් පෙන්වා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
මෙම ගැටලු නිසා වැඩිපුරම පීඩාවට පත්වී ඇත්තේ මෙරට දුප්පත්ම අහිංසක ජනතාව බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවද එම ජනතාව තම පක්ෂයේ ජයග්‍රහණවලදී නිරන්තරයෙන් පෙනී සිටි පිරිසක් නිසා ඔවුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකළ යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය මත පක්‍ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම් පැවැත්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ද ගැටලුවක් පැන නැගෙනු ඇති බවද හෙතෙම සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...