දේශීය පුවත්

ගාලු මුව‍ෙදාර පිටියේ හිඟමන් යදිමින් සිටින 150ක් පමණ වන යාචකයන් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ගාලු මුව‍ෙදාර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ යටතේ යාචකයන් මෙසේ රැගෙන යාමට නියමිතය.

දෙස් විදෙස් සංචාරකයන් ද, තරුණ තරුණියන් ද, මවුපියන් තම දරුවන් ද කැටුව පැමිණෙන ගාලු මුව‍ෙදාර පිටිය තුළ යාචකයන් පිරිස වැඩි වී ඇති අතර යාචකයන් 150ක් පමණ පිරිසක් සිඟමන් යදිමින් ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවත් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මෙම ගාලු මුව‍ෙදාර පිටියේ තණනිල්ල විශාල වියදමක් දරමින් මේ වන විට ඉතාමත් අලංකාර ලෙස සකසා ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දී ඇති අතර මෙම යාචකයන්ගෙන් සිදුවන හිරිහැරය පිළිබඳව නිරතුරුව වරාය අමාත්‍යාංශය වෙත වාර්තා ලැබී ඇත.

ඒ අනුව මෙම ප්‍රශ්නයට පිළියමක් ලෙස මෙම යාචකයන් රැගෙන ගොස් හම්බන්තොට රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇති අතර, වරාය අධිකාරිය සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More