දේශීය පුවත්

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කොට තිබෙන පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය මගින් රටපුරා සිසුන් සියයට අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් දෙදහසක් වසා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවයි.

එම වැඩසටහන යටතේ ඉකුත් වසර තුනක් තුළ සිසුන් සියයට වඩා අඩු පාසල් තුන්සියයක් පමණ වසා දමා ඇති බවද ඔහු හෙළි කරයි.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වීය.

“පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා පොකුරු පාසල් ක්‍රමයක්, ජාතික පාසල් ක්‍රමයක්, ජාතික පාසල්වලට අනුබද්ධ පෝෂිත පාසල් ක්‍රමයක් හදන බවට සැලසුම් ව්‍යාපෘතියේ යෝජනා කොට ඇතත් එසේ සංවර්ධනය කළ පාසල්වලට අවශ්‍ය සම්පත් ලබා දී නෑ.

මේවනවිට රටපුරා පාසල්වල ගුරුවරුන් හතළිස් දහසක හිඟයක් පවතිනවා. පාසල්වලට ගුරුවරුන් ලබා නොදීමේ උපක්‍රමයක් ලෙසටයි සිසුන් සියයට වඩා අඩුවෙන් සිටින පාසල් මෙසේ වසා දැමීමට කටයුතු කරමින් සිටින්නේ. හුදෙකලා ගම්මානවල සිසුන් සියයකට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන මෙවැනි පාසල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

අධ්‍යයනයකින් තොරව එවැනි පාසල් වසා දැමුවොත් ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ට අධ්‍යාපනය අහිමි වෙනවා. හුදෙකලා ගම්මානවල ජීවත්වන ළමයින්ට කිලෝ මීටර් දහයක් දොළහක් පමණ යනතුරු පාසලක් සොයා ගැනීමට නෑ. ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්මේ තිබෙන හොඳ දේවල් ක්‍රියාත්මක නොකර ආර්ථික වශයෙන් ආණ්ඩුවට ආරක්ෂා වෙන්න හැකියාව තිබෙන දේවල් පමණයි මින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More