දේශීය පුවත්

ඖෂධ කාණ්ඩ 60 ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 දා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඊයේ (26 දා) සිට ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව යම් ඖෂධ නිෂ්පාදකයකු, ආනයනකරුවකු හෝ බලයලත් ඕනෑම පාර්ශ්වකරුවකු අදාළ ගැසට් නිවේදනය මගින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අලෙවි කිරීම සිදුකළ යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.

පැරසිටමෝල්, ඇමොක්සිලින්, තයිරොක්සින් සහ ග්ලිපිසයිඩ් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ 60 ක මිල මෙමගින් සංශෝධනය කර තිබේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඊයේ (26 දා) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පසුගිය සමයේ 600% කට ආසන්න මිලකින් ඉහළ දැමූ ඖෂධ මිල 16% කින් පහළ දැමීම ප්‍රමාණවත් නොවන බැවින් තවදුරටත් ඖෂධ මිල පහළ දැමීමට රජය පියවර ගත යුතු බවයි.

එමෙන්ම මේ වන විට රට තුළ විශාල ඖෂධ හිඟයක් පවතින බව ද ඔහු සඳහන් කරයි.

මිල ගණන් සංශෝධනය කර ඇති ඖෂධ ලැයිස්තුව පහළින්…

ඇල්බෙන්ඩසෝල් (පෙති, කරල්) 400 මි. ග්‍රෑ. රුපියල් 59.59, ඇමොක්සිලින් – ක්ලැට්‍රලිකින් ඇසිඩ් (මුඛ මාර්ගයෙන් දියර වශයෙන් ලබා ගැනීම), මි ග්‍රෑ. 156, රුපියල් 571.06, ඇමොක්සිලින් ක්ලැට්‍රලිකින් ඇසිඩ් (පෙති, කරල්) 375 මි. ග්‍රෑ. රුපියල් 70.32, ඇමොක්සිලින් ක්ලැට්‍රලිකින් ඇසිඩ් (පෙති, කරල්) මි. ග්‍රැ 625 රුපියල් 119.16, ක්ලැරික්‍රෝමයිසින් (පෙති, කරල්) මි. ග්‍රෑ 250 රුපියල් 72.50, ක්ලැරික්‍රෝමයිසින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 500 රුපියල් 146.99, ක්ලැරික්‍රෝමයිසින් (මුඛ මාර්ගයෙන් දිරය වශයෙන් ලබා ගැනීම) මි. ග්‍රෑ 125 රුපියල් 366.01, ඇසික්‍රෝම්සීන් (පෙති, කරල්) මි. ග්‍රෑ 250 රුපියල් 74.68, ඇසික්‍රෝම්සීන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 500 රපියල් 104.78, ඇසික්‍රෝම්සීන් (මුඛ මාර්ගයෙන් දියර වශයෙන් ලබා ගැනීම) මි. ග්‍රෑ. 200, රුපියල් 347.58, සෙෆියුරොක්සිම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 250 රුපියල් 90.38, සෙෆියුරොක්සිම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 500 රුපියල් 144. 19, ඩොක්සිසයික්ලින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 100 රුපියල් 20.08, ඇසික්ලොඩ්ර් (පෙති, කරල්) මි. ග්‍රෑ. 200 රුපියල් 73.47, සිප්රොෆ්අලොක්සජින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 250 රුපියල් 11.42, සිප්රොෆ්අලොක්සජින් (පෙති, කරල්) මි. ග්‍රෑ 500 රුපියල් 16.88, ලෙටෝෆ්ලොක්සසීන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 250 රුපියල් 48.06, ලෙටෝෆ්ලොක්සසීන් (පෙති, කරල්) මි. ග්‍රෑ 500 රුපියල් 79.45, සෙපලොක්සින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 250 රුපියල් 16.25, සෙපලොක්සින් (පෙති, කරල්) මි. ග්‍රෑ 500 29.81, සෙපලොක්සින් (මුඛ මාර්ගයෙන් දියර වශයෙන් ලබා ගැනීම) මි. ග්‍රෑ 125 රුපියල් 526. 35, සෙෆික්සිම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 100 රුපියල් 45.68, සෙෆික්සිම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 200 රුපියල් 84.80, සෙෆික්සිම් (මුඛ මාර්ගයෙන් ලබා ගැනීම) මි. ග්‍රෑ. 100 රුපියල් 685.25, ඇම්ලොඩ්පින් (පෙති, කරල්) මි. ග්‍රෑ 5 රුපියල් 30.39, ඇම්ලොඩ්පින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 10 රුපියල් 42.31, ඩිල්ටියසම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 30 රුපියල් 5.38, ඩිල්ටියසම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 60 රුපියල් 17.69, ඩිල්ටියසම් (පෙති කරල්) මි. ග්‍රෑ. 90 රුපියල් 42.51, ලොසාටන් පොටෑසියම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 25 රුපියල් 14.59, ලොසාටන් පොටෑසියම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 50 රුපියල් 20.48, ලොසාටන් හයිඩ්‍රොක්ලෝරෝකයෝසයිඩ් (පෙති, කරල්) මි. ග්‍රෑ. 62.5 රුපියල් 38.62, එනලැපිල් (පෙති, කරල්) මි. ග්‍රෑ. 5 රුපියල් 11.91, එනලැපිල් (පෙති, කරල්) මි. ග්‍රෑ. 10 රුපියල් 20.08, ඇටනොලෝල් (පෙති, කරල්) මි. ග්‍රෑ 25 රුපියල් 5.95, ඇටනොලෝල් (පෙති, කරල්) මි. ග්‍රෑ. 50 රුපියල් 8.74, ඇටනොලෝල් (පෙති, කරල්) මි. ග්‍රෑ 100 රුපියල් 25.82, නිෆඩ්පින් දීර්ඝ ක්‍රියාකාරීත්වයක් සහිත (පෙති, කරල්) මි. ග්‍රෑ 20 රුපියල් 7.36, ක්ලෝපිඩෙග්‍රෙල් (පෙති, කරල්) මි. ග්‍රෑ. 75 රුපියල් 34.78, ඇටෝවාස්ටැටින් (පෙති, කරල්) මි. ග්‍රෑ 5 රුපියල් 12.76, ඇටෝවාස්ටැටින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 10 රුපියල් 22.14, ඇටෝවාස්ටැටින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 20 රු. 34.95, ඇටෝවාස්ටැටින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 40 රුපියල් 49.17, රොසුටාස්ටැපන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 5 රුපියල් 42.70, රොසුටාස්ටැපන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 10 රුපියල් 72.47, ටෙලමිසාටන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 20 රුපියල් 20.25, ටෙලමිසාටන් (පෙති, කරල්) මි. ග්‍රෑ 40 රුපියල් 32,17, ටෙලමිසාටන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 80 රුපියල් 60.38, ඇස්පිරින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 75 රුපියල් 5.95, ඇස්පිරින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 100 රුපියල් 10.53, මෙට්පෝමින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 500 රුපියල් 7.85, මෙට්පෝමින් දීර්ඝ ක්‍රියාකාරීත්වයක් සහිත (පෙති, කරල්) මි. ග්‍රෑ. 500 රුපියල් 15.29, මෙට්පෝමින් (පෙති, කරල්) මි. ග්‍රෑ 850 රුපියල් 14.70, ග්ලිබෙන්ක්ලමයිඩ් (පෙති, කරල්) මි. ග්‍රෑ. 5 රුපියල් 4.35, ග්ලික්ලසයිඩ් (පෙති, කරල්) මි. ග්‍රෑ. 80 රුපියල් 22.45, තයිරොක්සින් (පෙති, කරල්) මයික්‍රෝ ග්‍රෑ. 50. රුපියල් 12.10, තයිරොක්සින් (පෙති, කරල්) මයික්‍රෝ ග්‍රෑ. 100 රුපියල් 18.09, ස්ලිපිසයිඩ් (පෙති, කරල්) මි. ග්‍රෑ. 5 රුපියල් 15.70, ඉකියුප්‍රොෆෙන් (පෙති, කරල්) මි. ග්‍රෑ 200 රුපියල් 2.18, ඉකියුප්‍රොෆෙන් (පෙති, කරල්) මි. ග්‍රෑ 400 රුපියල් 7.36, ඩයික්ලොෆෙනැක් සෝඩියම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 50 රුපියල් 25.82, ඩයික්ලොෆෙනැක් සෝඩියම් (පෙති, කරල්) මි. ග්‍රෑ 100 රුපියල් 29.99, ඩයික්ලොෆෙනැක් පොටෑසියම් (පෙති, කරල්) මි. ග්‍රෑ. 50 රුපියල් 21.76, පැරසිටමෝල් (පෙති, කරල්) මි. ග්‍රෑ. 500 රුපියල් 3.49, සෝඩියම් වැල්ප්‍රොඑට් (පෙති, කරල්) මි. ග්‍රෑ. 200 රුපියල් 17.88, රික්සෙරිඩොන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 1 රුපියල් 15.70, රික්සෙරිඩොන් (පෙති කරල්) මි. ග්‍රෑ. 2 රුපියල් 18.35, ඔලන්සපින් (පෙති කරල්) මි. ග්‍රෑ. 5 රුපියල් 19.87, ඔලන්සපින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 10 රුපියල් 41.29, කාබ්මසපින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 200 රුපියල් 23.81, ඇල්ප්‍රසෝලැම් (පෙති කරල්) මි. ගෑ. 0.25 රුපියල් 12.91, ඇල්ප්‍රසෝලැම් (පෙති, කරල්) මි. ග්‍රෑ 0.5 රුපියල් 19.67, ෆ්ලුඔක්සටින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 20 රුපියල් 21.85, ගැබාපෙන්ටින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 100 රුපියල් 33.27, ගැබාපෙන්ටින් (පෙති, කරල්) මි. ග්‍රෑ. 300 රුපියල් 65.85, බෙක්ලොමෙතසෝන් ඩී. පී. කරල් (ආශ්වාස කිරීම) මයික්‍රෝ ග්‍රෑ. 200 රුපියල් 11.91, බෙක්ලොමෙතසෝන් ඩී. පී. කරල් (ආශ්වාස කිරීම) මයික්‍රෝ ග්‍රෑ. 400 රුපියල් 13.50, සැල්බියුටමෝල් ඩී.පී කරල් (ආශ්වාස කිරීම) මයික්‍රෝ ග්‍රෑ. 200 රුපියල් 7. 94, සැල්බියුටමෝල් ඩී පී කරල් (ආශ්වාස කිරීම) මයික්‍රෝ ග්‍රෑ. 400 රුපියල් 10.93, සැල්බියුටමෝල් මීටර් මාත්‍රා ආශ්වාස උපකරණ (මාත්‍රා 200) මයික්‍රෝ ග්‍රෑ. 100 රුපියල් 615.75, මිනයිල් ප්‍රෙඩනිසෝලෝන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 4 රුපියල් 23.53,මිනයිල් ප්‍රෙඩනිසෝලෝන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 16 රුපියල් 81.44, ඔමෙප්‍රසෝල් (පෙති, කරල්) මි. ග්‍රෑ. 20 රුපියල් 8.94, පැන්ටොප්‍රසෝල් (පෙති කරල්) මි. ග්‍රෑ. 20 රුපියල් 33.75, පැන්ටොප්‍රසෝල් (පෙති, කරල්) මි. ග්‍රෑ 40 රුපියල් 55.60, ඉසොමෙප්‍රසෝල් (පෙති කරල්) මි. ග්‍රෑ. 20 රුපියල් 40.11, ඉසොමෙප්‍රසෝල් (පෙති, කරල්) මි. ග්‍රෑ. 40 රුපියල් 76.27, ඩොම්පෙරිඩෝන් (පෙති, කරල්) මි. ග්‍රෑ. 10 රුපියල් 10.73, රැබ්ප්‍රසෝල් (පෙති, කරල්) මි. ග්‍රෑ. 10 රුපියල් 22.45, රැබ්ප්‍රසෝල් (පෙති, කරල්) මි. ග්‍රෑ. 20 රුපියල් 42.81 යි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More