දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ යෝජනාව ලබන සෙනසුරාදා (01දා) පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (27දා) පැවැත්වීමට නියමිත වූ පක්ෂ නායක රැස්වීම ලබන සිකුරාදා (30දා) දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ යෝජනාව ලබන සෙනසුරාදා පාර්ලිමේන්තුවට ගෙන එන්නේදැයි යන්න එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.
ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එම යෝජනාව සම්මත කර ගැනීමේ අරමුණින් යැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරය නිමවා ඊයේ (26දා) යළි දිවයිනට පැමිණි අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට (28දා) කැඳවා ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...