අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයෙන් තමන්ගේ නම් ඉවත් කර ඇති බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඊයේ (26) දිනයේ උද්ඝෝෂණ විරෝධතා සහ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට නොසන්සුන්තා ද වාතාවරණ ඇති වී තිබිණි.
දිළිඳු පවුල් සඳහා රජයේ ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට මෙම අස්වැසුම සුබසාධන වැඩසටහනට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙසේ විරෝධතා එල්ල වූයේ සහන ලැබිය යුතු පුද්ගලයන් අස්වැසුම ලැයිස්තුවට ඇතුළත් නොකර නුසුදුසු පුද්ගලයන්ගේ නම් එම ලැයිස්තුවලට එක් කර ඇති බව පවසමිනි.
මෙසේ විරෝධතා උද්ඝෝෂණ පැවැති ප්‍රදේශ අතර වවුනියාව, වාරියපොල, වෙන්නප්පුව, මිල්ලනිය, නිකවැරටිය, මිහින්තලේ, දිඹුලාගල, මීරිගම, කරන්දෙණිය, දෙහිවල, කන්තලේ, බියගම, හසලක සහ බුලත්සිංහල ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විය.
මේ අතර, සමෘද්ධි සහනාධාර වෙනුවට රජය විසින් යෝජනා කර ඇති අස්වැසුම සහනාධාරය ලබා ගැනීම සඳහා එයට ඇතුළත් නොවූ විශාල පිරිසක් රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අභියාචනා භාර දී තිබේ.
අභියාචනා පත්‍ර භාරදුන් පිරිස අතර සමෘද්ධි ප්‍රතිලාභින් සහ සමෘද්ධි ප්‍රතිලාභ නොලැබුණු විශාල පිරිසක් සිටින බව වාර්තා වේ.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...