ඓතිහාසික වඩ්ඩමාන පබ්බත විහාරයේ ආරක්ෂාව කඩිනමින් සහතික කරන ලෙසින් තොරතුරු දන්වා තිබියදීත් වඩ්ඩමන ඓතිහාසික විහාරයට බලහත්කාරයෙන් ඇතුළු වී කෙරූ විනාශය වැළැක්වීමට අපොහොසත් වීමෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නියෝගයක් නිකුත්කරන මෙන් ඉල්ලා පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුව (FR Application 133/23) 2023 ජුනි 28 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතය.
මෙහි පෙත්සම්කරුවන් වනුයේ පූජ්‍ය ගල්ගමුවේ ශාන්ත බෝධි හිමි, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) අතුල ද සිල්වා මහතා, ශෙනාලි ඩී. වඩුගේ මහත්මිය, ඉස්ලාම් බැතිමතියක වන ජෙහාන් හමීඩ් මහත්මිය, කතෝලික බැතිමතෙකු වන ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා ය.
වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා ප්‍රමුඛ අදාළ ප්‍රදේශය භාර පොලිස් නිලධාරින්, විදුර වික්‍රමනායක අමාත්‍යවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අදාළ ප්‍රදේශයේ වගකිවයුතු නිලධාරීන්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ අදාළ ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රමුඛ අදාළ ප්‍රදේශයේ රාජ්‍ය පරිපාලන නිලධාරින්, ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා, තොණ්ඩමන් අමාත්‍යවරයා ඇතුළු 27 දෙනෙකු නම්කොට ඇත.
පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් දර්ශන වේරදූවගේ මහතා ප්‍රමුඛ නිතිඥ කණ්ඩායමක් පෙනී සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...