දේශීය පුවත්

ඉන්දියාව, පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු බවත්, එම නිසා යම් කොන්දේසියකට යටත්ව කොළඹ වරායේ නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට තමා එකඟ වූ බවත් වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

බදුල්ලේදී පැවති රැස්වීමක දී වැඩිදුරටත් කරුණු දක්වා ඇති ඇමැතිවරයා,

“අපගේ ආණ්ඩුකාර මුසම්මිල් මැතිතුමා මාරුකරන්න එපා කියලා ජනාධිපතිතුමාට මම කිව්වා . හුඟාක් දේශපාලඥයන් මේ සඳහා සිංහල බෞද්ධයෙක්ම යෝජනා කරද්දි මම එහෙම කිව්වේ නැහැ. සැබෑ සංහිදියාව ඇතිවන්නේ අපි එකිනෙකාට ගරු කිරීමට හා ඔවුන්ගේ දක්ෂතාවලට තැන දීම මගිනුයි.

චිතගොං වරාය ඉතා දියුණු වරායක් බවට නුදුරු අනාගතයේදී පත්වේවි. මේ අනුව ඔබට පෙනෙනවා ඇති අපි මුස්ලිම් රටවල් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වන බව. නමුත් මා මතක් කළ යුතුයි මීට කලකට පෙර අප මුස්ලිම් රටවල් සමග සම්බන්දතා පළුදුකරගත්තා.

නමුත් දැන් අප සමග ඒ සම්බන්ධතා ඇති කර ගනිමින් සිටිනවා එය අපේ ආර්ථිකය නැවත ගොඩනැගිනීමට අත්‍යාවශ්‍යයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More