දේශීය පුවත්

කොකේන් මත්ද්‍රව්‍ය ද්‍රව බවට පත් කර සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සංඝටකයක් ලෙස සඟවා ජෝර්දාන දේශසීමාව හරහා ඊශ්‍රායලයට කොකේන් රැගෙන යාමට උත්සාහ කළ බවට සැකපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායල ප්‍රවෘත්ති සේවා පවසයි.

ඊශ්‍රායල පොලිසිය සහ ඊශ්‍රායල බදු අධිකාරියේ ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව, සිරියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන සැකකරුවන් තිදෙනා ජෝර්දාන් ගං මායිමේ සිට ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටියදී ඉරිදා Beit She’an අසලදී අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයින් තිදෙනා කොකේන් දියර යැයි සැක කළ දියර වර්ගය සුවඳ විලවුන් නිෂ්පාදන කට්ටලවල පුරවා රට තුළට ගෙන ඒමට උත්සාහ කිරීමේදී පරීක්ෂකයින් විසින් සොයා ගන්නා ලද එම පුවත් සේවා පවසයි.

ජාවාරම්කරුවන් බොහෝ විට මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම වැලක්වීම සඳහා කොකේන් දියර ස්වරූපයට පත් කර , මත්පැන් හෝ සුවඳ විලවුන් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බහාලුම්වල දමා පරික්ෂණ මධ්‍යස්ථාන වලට ගෙන විත් නැවත ඔවුන්ගේ ගමනාන්තයේදී කොකේන් කුඩු බවට පරිවර්තනය කරනු ලබති.ඊශ්‍රායල බලධාරින්ට අනුව මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පුහුණු කළ සුනඛයෙකු විසින් ඊයේ(25) එම කොකේන් හඳුනා ගැනීමට උපකාරී වී තිබේ. ඊශ්‍රායලය තුළ ඉහළ යන කොකේන් භාවිතය මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් 2023 වසරේ මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ උත්සාහයන් 30 ක් ව්‍යර්ථ කර ඇත.

කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සේවකයින් තිදෙනාගේ නම් සහ තනතුරු හෙළිදරව් කිරීමට ඊශ්‍රයල බලධාරින් මෙතෙක් කටයුතු කර නැත. ඊශ්‍රායල බලධාරීන්ට අනුව සැකකරුවන් ඊශ්‍රායලය සිරියානු දේශසීමාවේ සේවය කරන සේවකයෝ වෙති

ලොව පුරා සිටින එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ස්ත්‍රී දූෂණයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් දක්වා විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති අතර විවිධ රටවලදී එම අයවළුන්ට දඬුවම් නියම කිරීමට එම රට වල ආරක්ෂක අංශ කටයුතු කර ඇත.එකසත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ පුද්ගලයෙකුට මත්ද්‍රව්‍යය  පානය කිරීම සහ එක්සත් ජනපදයේ සහ ඉරාකයේ අවම වශයෙන් කාන්තාවන් 13 දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ වසර 15 ක සිර දඬුවමක් නියම විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More