ජනාධිපති ඝාතන තැතක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල සාවද්‍ය පුවතක් ප්‍රචාරය වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විදෙස් සංචාරයක් නිමවා නැවත ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වනවිට මෙන්ම, ශ්‍රී ලංකාවෙන් පිටවන විට ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳව විධිවිධාන හා ක්‍රියාපටිපාටියක් ඇති අතර එම විධිවිධානයන්ට අනුව නිශ්චිත ක්‍රියාපටිපාටිය මෙහිදී අනුගමනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
සාමාන්‍යයෙන් මෙම විධිවිධාන හා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනට සම්ප්‍රාප්ත වනවිට මෙන් ම, දිවයිනෙන් පිටත්ව යන විට ද අදාළ අංශවලට දැනුම් දෙන බව ද හෙතෙම කීය.
මෙසේ දැනුම් දෙනු ලැබූ පණිවුඩයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් පිටතට හා මාධ්‍ය වෙත ලබා දී සමාජ මාධ්‍යවල විශාල කැලඹීමක් ඇති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවද ඔහු සඳහන් කරයි.
ඒ අනුව, අභ්‍යන්තර පොලිස් පණිවුඩය පිටතට හා මාධ්‍ය වෙත අනවසරයෙන් ලබා දුන් හා එම සාවද්‍ය තොරතුර ප්‍රචාරය කළ අය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට විෂය භාර ඇමතිවරයා නියෝග කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...