විදුලි බිල්පත් ගෙවීම් පමාවීම හේතුවෙන් නිකුත් කරන රතු නිවේදවල සඳහන් මුළු මුදල ගෙවීමට අපහසු වූ පුද්ගලයන් සඳහා එම මුදල ගෙවීමට ලබාදී තිබුණු සහනය විදුලිබල මණ්ඩලය මගින් අහෝසි කිරීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයෝ මහත් අසීරුතාවකට පත්ව ඇති බව වාර්තා වේ.
මෑතක් වනතුරු රතු නිවේදනයට අනුව විදුලිය විසන්ධි කිරීමට පැමිණෙන නිලධාරීන් විදුලි පාරිභෝගිකයන් පිළිබඳ සානුකම්පිතව සලකා බලා රතු නිවේදනයේ සඳහන් මුළු මුදල ගෙවීමට සුළු කාලයක සහනයක් ලබාදීම සිදු විය.
ඒ හේතුවෙන් නැවත විදුලි සම්බන්ධතාව ලබාදීම සඳහා අයකරන රුපියල් 3,000ක අතිරේක මුදල විදුලි පාරිභෝගිකයාට දැරීමට සිදු නොවීමේ සහනයක් ද හිමි විය.
එහෙත් මෑතක සිට විදුලිය විසන්ධි කිරීම පුද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට පවරාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන්ට කොමිස් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
එසේ පැමිණෙන විදුලි විසන්ධි කරන්නන් පාරිභෝගිකයන් පිළිබඳ කිසිදු තැකීමක් නොකර එකවරම විදුලිය විසන්ධි කරන අතර මේ හේතුවෙන් රුපියල් 3000 ක් වැනි අධික දඩ මුලක් අමතරව ගෙවීමට සිදුවී ඇති බවට ජනතාව මැසිවිලි නගති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...