කංසා අපනයනය කර දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මෙරට තුළ කංසා භාවිතය නීතිගත කිරීම සඳහා මේ වන විට විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර කංසා අපනයනය සඳහා ශක්‍යතාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
කෙසේවෙතත් ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස එයට අවසර ලබාදෙන බව විෂය භාර අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළ බවත්, එහෙත් කංසා අපනයන කිරීම තුළින් ආර්ථික වාසී පවතින බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කංසා සමාගම්වල ගිණුම් වාර්තා සොයා බැලීමේ දී අනාවරණය වන බවත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
අදට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මෙම අදහස් පළ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...