වෙල්ගමගේ ගෝඨාභය විරෝධය ඔහුගේ තනි අභිමතයට පමණක් සිද්ධ වෙන දෙයක් වෙන්න බැහැ. සාමාන්‍යයෙන් මේ ආණ්ඩුවේ ධුර කාලය ද කෙමෙන් අවසන්ව යන තැන ඉදිරියටත් දේශපාලන භුමියේ රැදී සිටීමට බලාපොරොත්තුවක් ඇති අය රාජපක්ෂලා මේ වෙලාවේ විවේචනය කරන්නේ නැහැ. ඒ හේතු දෙකක් නිසා. එකක් මේ ආණ්ඩුව පෙරළා ඉදිරියේ පිහිටුවන්නට බලාපොරොත්තු වෙන්නේ රාජපක්ෂවරු ප්‍රමුඛ රජයක් නම් මේ විවේචන හොද ඇමතිකටුවක් නොලැබීම සදහා තීරණාත්මක ලෙස බලපායි. හොද ඇමති තනතුරක් ලැබෙන්නේ කඩේ යන තරමට විනා විවේචනය කරන තරමට නොවන බව දේශපාලඥයෙක් ලෙස වෙල්ගම නොදන්නවා වෙන්න බෑ. බලය පිහිට වුවාට පසු හොද කකුලෙන් ඇදපු අයට හොඳ තනතුරක් ලැබෙන්නේ නැහැ. එයයි ලංකාවේ දේශපාලන යථාර්තය.
දෙවැනි කාරණය රටම ගෝටා ඉල්ලා සිටින මොහොතක ඊට අභියෝග කිරීම ජන අප්‍රසාදයට පත්වෙලා ඊළග මැතිවරණයෙන් පරදින්න ඉඩ තියෙනවා. රාජපක්ෂලාට එරෙහි වූ අය ගිය මැතිවරණයෙන් ද ජනතාව පැරද්දුවා. ඒ අවධානමත් දැන දැන කෙනෙක් දරයිද ලේසියෙන්. ඉදිරියේ පිහිටුවන ආණ්ඩුව රාජපක්ෂලා ප්‍රමුඛ ආණ්ඩුවක් නම් මේ කාරනා දෙකම අද කරන විවේචන වලට ප්‍රතිවිපාක ලෙස ඉදිරියේ දී බලපානවා. එහෙත් වෙල්ගම එය ගණනකට නොගෙන දේශපාලන අනාරක්ෂිතභාවය ගැන කිසිම අවධානමක් නැතුව පුර්ණ විශ්වාසයකින් යුතුව ගෝඨාභයට රළු විවේචනයක් ගේන බව පේනවා.එසේ ඔහු කරන්නේ අනාගත දේශපාලන ඉන්ෂුරස් එක ඔහු අත තබාගෙනයි. ඔහුට මේ දේශපාලන ඉන්ෂුරස් එක ලබා දුන්නේ කවුද යන්න ඒ ඇයිද යන්න විමසා බැලීම වටිනවා.
කාට හරි කියන්න පුළුවන් ඔහු ගෝඨාභය ගැන භයානක සිතුවමක් අදින්නේ මහින්දට මුවාවෙමින් මහින්ද ඔසවමින් කියලා.එසේ නම් තම සහෝදරයා ගැන භයානක චිත්‍රයක් මැවීම ගැන මහින්දද කැමති විය යුතුය. අවශ්‍ය නම් මහින්දට පුළුවන් වෙල්ගමට මෑතක හැදුන ලෙඩේ සුව කරන්න.මොකද වෙල්ගමගේ ලෝකයේ එකම වීරයා මහින්ද නම් මහින්ද කියන දේකට එහා වෙල්ගම යනු ඇතැයි සිතිය නොහැකියි. ඇමති කටුවක් ලැබෙන්න නම් කොහොමත් මහින්දට හීලෑ බවක් පෙන්විය යුතුයි. එක්කෝ ඔහු මේ තරම් ගෝටාට එරෙහිව අවි අමෝරා ගන්න මහින්දගෙන් සහ බැසිලිකාවෙන් වෙල්ගමට දේශපාලන ඉන්ෂූරස් එකක් තිබිය යුතුය. (එසේ නොවේ නම් යහපාලන ආණ්ඩුවෙන් තිබිය යුතුයි.) දැනට පෙනෙන්න තිබෙන චිත්‍රයත් ගෝටාභය ඉල්ලන ඒ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් බැසිලිකානු පුරෝහිතයන්ගේ වාග් ප්‍රහාරයන්ට ලක්වුවත් ගෝඨාභය අරඹයා වෙල්ගමලා මවන චිත්‍රය ගැන කන්පැලෙන නිහඩතාවයක ගිලීමයි. ඒ අතර මහින්ද යුගයේ නිර්මාණකරු යයි සඳහන් බැසිල් රාජපක්ෂගේ ඡායාරූපයක් ද වෙල්ගම ශ්‍යා කර තිබෙනු දක්නට ලැබුණි.
ගෝඨාභය ඉල්ලන පාර්ශව මට්ටු කරවන කුප්ප දේශපාලන අරමුණෙන් හෝ වෙල්ගම යොදා ගත්ත ඇතුළෙන්ම මතු කරදුන් ඒ ප්‍රකාශන නිසා ඉදිරි මැතිවරණයකදී ගෙවන්න වෙන දේශපාලන වන්දිය විශාලය. මෛත්‍රී කලින් කර තිබුණ කතාවක ඔබතුමා අපට රජෙක් ජනාධිපතිතුමනි ප්‍රකාශය පහුගිය ජනාධිපතිවරණයේ දී යහමින් භාවිත කළ ආකාරයට එජාපයද මේ ප්‍රකාශ ඉදිරියේ දී යහමින් පාවිච්චි කරනු ඇතැයි සිතිය හැකිය.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...