ඊයේ(25) දින කැලණිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමට ලක්ව තුවාල ලද තිදෙනා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට යාමේ අපේක්ෂාවෙන් දිප්පිටිගොඩ 6 කනුව ආසන්නයේ රැඳී සිටි බවට පැවසේ.
ඔවුන් තිදෙනාට ඊයේ 25 සවස යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තිදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
තරංග නැමැත්තා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් එහිදී ඔහු සමඟ රැඳී සිටි දෙදෙනාටද වෙඩි වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කැළණිය පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.
තරංග නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන කලක් රිමාන්ඩ් බාරයේ සිට 2021 වසරේ දී අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයකු බවට ද තොරතුරු හෙළිවී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කියයි.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ රැස්වීමට යෑමට ඔහුගේ මිතුරන් දෙදෙනකු සහ තවත් කිහිප දෙනකු එනතෙක් රැඳී සිටි අතරවාරයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමඟ දිවි බේරා ගැනීම සඳහා දිව යද්දී පසුපස පන්නාගෙන ආ වෙඩික්කරුවන් යළි යළිත් වෙඩි තබා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පැවසේ.
හිස් උණ්ඩ පහළොවක් පමණ අවට විසිරී තිබී පොලිසියට හමුවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...