මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල ජනතාවගේ තැන්පත් මුදල්වට හෝ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (25) පැවසීය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (25) පස්වරුවේ මේ බව පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය වන බව කී මහ බැංකු අධිපතිවරයා ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ඇතුළු අනිකුත් කමිටුවල සාකච්ඡා කිරීමට සහ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට කාලය අවශ්‍ය බව ද සඳහන් කළේය.
මුදල් අමාත්‍යංශය කළ සාකච්ඡා අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...