දේශීය පුවත්

දකුණු කොරියාවට යෑමට සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට, ගුවන් යානයක පමාවෙන් එම අවස්ථාව අහිමි වීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගුවන් නියමුවන් පවසන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගුවන් නියමුවන් 70කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති බවයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 470 දරණ යානයේ සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් පසුගියදා දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයන් පිරිසකට එම අවස්ථාව අහිමි වූ අතර පසුව එම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අවදානය යොමුවුණි.

එවන් පසුබිමක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

ඔවුන් එමගින් පෙන්වාදී ඇත්තේ, ශ්‍රීලන්කන් ගුවන් සේවය ගුවන් නියමුවන්ට ලබාදෙන වැටුප් හා වේතන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගෙවුණු වසරක කාලය තුළ පමණක් ගුවන් නියමුවන් 70කට අධික පිරිසක් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති අතර තවත් පිරිසක් ඉවත්වීමේ සූදානමකින් සිටින බවය.

ගුවන් නියමුවන් 330ක් ගුවන් සේවයේ සිටිය යුතු වුවත්, ගුවන් සේවා පරිපාලනයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මේ වන විට සේවයේ සිටින්නේ 250ක් පමණක් බවද නිවේදනය මඟින් පෙන්වාදී තිබේ.

එබැවින්, දැනට පවතින ගුවන් නියමු හිඟය හේතුවෙන් මෙලෙස හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවන් ඊට අනියුක්ත කිරීම අසීරු බව නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More