2020 සහ 2021 යන වර්ෂවල දී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා රුපියල් හයකෝටි විසිඑක් ලක්ෂ දාසයදහස් අටසිය හැත්තෑ තුනක දිරි දීමනාවක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අධිකාරිය විසින් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව කොවිඩ් වසංගත සමයේ දී මෙකී දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව සාමාන්‍ය රාජකාරි දින හා නිවාඩු දිනයන් ලෙස නොසලකා රාජකාරියට වාර්තා කරන දිනකට දින එකහමාර බැගින් දීමනා ගණනය කර ඇත.
මේ අතර, අධිකාරියේ සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ දී චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව කොවිඩ් දීමනා ලෙස රුපියල් හාරලක්ෂ, පනස්හතරදහස්, අටසිය විසිහතක මුදලක් (454,827) කිසිදු අනුමැතියකින් තොරව ලබා ගෙන තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...